
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් නිල ඇඳුමෙන් සිය පෙම්වතිය සමග විවාහයට පෙර ඡායාරූප ලබාගැනීම (ප්‍රී ෂූට්) සඳහා මහනුවර නගරයේ රැඳීසිටි මුහුණේ සම්පූර්ණයෙන්ම රැවුළ වවාගත් පොලිස් නිලධාරියකු මහනුවර පොලිසිය වෙත රැගෙන ගොස් ඇප මත මුදාහැර තිබේ.
මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ තලංගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.
මුහුණේ සම්පූර්ණයෙන්ම රැවුල වවාගත් පුද්ගලයකු පොලිස් රථවාහන නිල ඇඳුමකින් සැරසී මහනුවර යටිනුවර වීදියේ කොළඹ වීදිය මංසන්දියේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව මහනුවර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු එහි ගොස් එම පුද්ගලයා පොලිසියට කැටුව ගොස් තිබේ.
එහිදී මෙම පුද්ගලයා සැබැවින්ම පොලිස් නිලධාරියකු බවත් හින්දු ජාතිකයකු වන ඔහුගේ විවාහ මංගල්‍යය ලබන මස 06 වැනිදාට යෙදී තිබීම මත පෙම්වතිය හා ප්‍රී ෂූට් සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිට ඇති බවත් අනාවරණය වී ඇත.
මෙම නිලධාරියාට හින්දු සම්ප්‍රදායකට අනුව රැවුල වවාගෙන විවාහ මංගල්‍යයට සහභාගී වීමට පොලිස්පතිවරයා විසින් අවසර ලබාදී ඇති බවද අනාවරණය වී ඇත.
එවැනි පසුබිමක පෙම්වතිය පැමිණෙන තෙක් රැඳීසිටියදී මෙම අකරතැබ්බයට මුහුණදීමට සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මේ හේතුවෙන් මොවුන් සැලසුම් කළ අන්දමින් ඔවුන්ගේ ජායාරූප පවා ගැනීම අසීරු වී තිබෙන බවද පොලිස් ආරංචිමාර්ග කියා සිටියි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර්ගෙන් කළ විමසුමකදී පවසා ඇත්තේ, පොලිස් නිලධාරියකුට මුහුණේ සම්පූර්ණයෙන්ම රැවුල් වැවිය නොහැකි බවත් සැකපිට මෙම නිලධාරියාව ප්‍රශ්න කිරීම් සඳහා රැගෙන ගොස් ඇති බවත්ය.
(උපුටාගැනීම – අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart