
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රථම අංගසම්පූර්ණ ජාතික බැටරි පරීක්ෂණ පහසුකම වන ‘විද්‍යුත් ප්‍රවාහන සහ බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය’ (Centre for E-Mobility and Battery Technology), විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.
රුපියල් මිලියන 161.5ක පමණ ආයෝජනයකින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති අතර, ඒ සඳහා රජයේ ජාතික තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය හරහා රුපියල් මිලියන 118ක් සහ ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් රුපියල් මිලියන 43.5ක් වැය කර තිබේ.
සාම්ප්‍රදායික බැටරි ඇගයීම්වලින් ඔබ්බට ගොස් නවීන බැටරි තාක්ෂණයන් පරීක්ෂා කිරීමේ හැකියාව පුළුල් කිරීමත්, ඒ හරහා විද්‍යුත් ප්‍රවාහන සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයන්හි සංවර්ධනයට සහාය වීමත් මෙම මධ්‍යස්ථානයේ අරමුණයි.
දේශීය නිෂ්පාදකයන්, ආනයනකරුවන්, පර්යේෂකයන් සහ තාක්ෂණ සංවර්ධකයන් වෙත විශේෂිත පරීක්ෂණ සේවා සැපයීමට මෙමගින් අපේක්ෂා කෙරෙන අතර, දේශීය නිෂ්පාදන සංවර්ධනයට සහ දේශීය අගය එකතු කිරීම ඉහළ නැංවීමට ද මෙය මහඟු පිටිවහලක් වනු ඇත.
නවීනතම පරීක්ෂණ උපකරණවලින් සමන්විත මෙම මධ්‍යස්ථානය මඟින් විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ බැටරිවල ක්‍රියාකාරීත්වය, ධාරිතාව, කල්පැවැත්ම සහ ආරක්ෂාව පරීක්ෂා කිරීමේ හැකියාව පවතී. මීට අමතරව විද්‍යුත් වාහන ආරෝපණ උපකරණ සහ විවිධ බැටරි පද්ධති පරීක්ෂා කිරීමේ පහසුකම් ද මෙහි ස්ථාපිත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart