
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන “පැරඩයිස්” දකුණු කොරියාවේ බූසාන්හි ආරම්භ වන “බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ” තරගකාරී අංශයට තේරී ඇත.
ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් එකම නියෝජනය ලෙස තරගකාරී අංශයෙන් මෙම චිත්‍රපටය හෙට තිරගත කිරීමට නියමිතය.
ඉන්දියාවේ කේරළයේ නිව්ටන් සිනමා ආයතනය නිෂ්පාදන දායකත්වය දරන මෙම චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ රූගත කර ඇති අතර මලයාලම් භාෂාවෙන් නිර්මාණය කර තිබේ.
වත්මන් සමාජ ආර්ථික අර්බුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය යුවළකට අත්විඳීමට සිදුවූ සිදුවීම් මෙම සිනමා නිර්මාණයට පාදක වී ඇත.
කේරළ සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු මෙරට නළු නිළි කැලක් ද රංගන දායකත්වය සපයති.
මෙම චිත්‍රපටයේ ලෝක මංගල දැක්ම, බුසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී පැවැත්වීම ද විශේෂත්වයකි.
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ තවත් දකුණු ඉන්දීය චිත්‍රපටයක් ද මෙම මාසයේ දී තිරගත කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart