
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK)සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ දිනාගත්තේය.
ඒ, ඔහු විසින් මලයාලම් බසින් අධ්‍යක්ෂණය කරන ලද පැරඩයිස් චිත්‍රපටය වෙනුවෙනි.
මෙවර මෙම සම්මානය සඳහා තරග වැදීමට ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්ථානය, තායිලන්තය, ජපානය, පිලිපීනය, බංග්ලාදේශය, කාම්බෝජය යන රටවල විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දහයක් තෝරාගෙන තිබුණ අතර, පැරඩයිස් උලෙළ නියෝජනය කරන ලද්දේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටේම නියෝජනයක් ලෙසින් වීම විශේෂ කරුණකි.
එහිදී සම්මානය පිරිනැමුණේ අධ්යක්ෂවරයා වෙතටය.
බූසාන් සිනමා උලෙළේ නිර්මාතෘවරයකු වන කිම් ජීසොක් නමින් පිරිනැමෙන මෙම සම්මානය ආසියානු කලාපයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් සීමාවන්නකි.
1996 වසරේදී මුල්වරට ඇරඹුණු බූසාන් සිනමා උලෙළේ එවර විශේෂ ජූරි සම්මානය ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද අනන්ත රාත්‍රිය චිත්‍රපටය දිනාගත්තේය.
එය ප්‍රසන්න නිර්මාණය කරන ලද දෙවැනි චිත්‍රපටය මෙන්ම ඔහු අන්තර්ජාතික අවධානය දිනාගත් මුල්ම අවස්ථාව විය.
බූසාන් උලෙළේදී විශේෂ ජූරි සම්මානයක් මුල්වරට පිරිනමන ලද්දේ අනන්ත රාත්‍රිය චිත්‍රපටය වෙනුවෙනි.
ලාංකේය සිනමාවේ වර්තමාන පරපුර අන්තර්ජාතික අවධානය දිනාගත් ප්‍රථම අවස්ථාව එය විය.
එයින් පසු එහි 28 වැනි සම්මාන උලෙළේදී ප්‍රසන්න ආසියානු සිනමාවේ මුල් පෙළ සිනමාකරුවකු ලෙස දෙරටක් නියෝජනය කරමින් තරග වැද සම්මානයට පාත්රවීම බූසාන් උලෙළේ ද විශේෂ සිදුවීමක් විය.
වර්තමානයෙහි ලොව මුල් පෙළේ අන්තර්ජාතික සිනමා උලෙළ අතර බූසාන් සිනමා උලෙළ ඉදිරියෙන් පවතින්නක් ලෙස විචාරකයෝ සළකනු ලබති.
ඉන්දියාවේ සුප්‍රකට සිනමාවේදී මනිරත්නම්ගේ මැඩ්රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරනු ලබන පැරඩයිස් නිෂ්පාදනය කරන ලද්දේ, කේරළ චිත්‍රපට සමාගමක් වූ නිව්ටන් ෆිල්ම්ස් සමාගමයි.
මනිරත්නම් විසින් ඉන්දීය නොවන අධ්යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් ලොව පුරා ති ගත කරවන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු යුවලක් වන රෝෂන් මැතිව්, දර්ශනා රාජේන්ද්‍රන්, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළියෝ රාශියක් පැරඩයිස් සදහා රංගනයෙන් දායක වෙති.
ඉන්දීය සිනමාවේ සම්මානනීය සිනමා ශිල්පීන් වනරාජිව් රවී කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, කේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද පැරඩයිස් සඳහා සහභාගී වී තිබේ.
දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් හා ට්‍රිලන් ශාස්ත්‍රි විධායක නිෂ්පාදනයෙන් පැරඩයිස් සදහා එක්ව සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart