
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරිදී ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් ඔහුට පූර්ණ සහාය පළ කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග සඳහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා ඊයේ(24) කොළඹදී අනාවරණය කළේය. කෙසේ වෙතත්, ඇමැතිවරයා පෙන්වාදුන්නේ, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නැවත අගමැති ධූරයට පත්කිරීමේ සූදානමක් ඇතැයි පැතිරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ඇමැතිවරයා මෙසේ සඳහන් කරයි.
“මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් එක්ක අපි කටයුතු කරනවා. මේක දිරවගන්න බැරි කණ්ඩායම් එක එක කතා කියනවා. මහින්ද රාජපක්ෂ මහතා මීට කලින් කිව්වා, අපි අගමැතිවරයෙක් පත්කරලා තියෙනවා, එයා කටයුතු කරගෙන යනවා, මගේ බලාපොරොත්තුවක් නැහැ කියලා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස අගමැති වෙනවා කියනවා. තව තව නම් කියනවා. එක මේ ආණ්ඩුව බෙදන්න කරන වැඩක්. මම හිතන්නේ නැහැ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඕකට අහුවෙයි කියලා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart