
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නවදෙනාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (04) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබීය.
දිගු කලක් විනිසුරුවරුන් පත්නොකිරීම හේතුවෙන් නඩු විභාග කල්යමින් තිබූ අතර, අගවිනිසුරුවරයා විසින් පත්කරන නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන නව විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය යළි ආරම්භ විය.
මීට පෙර කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ස්ථාපිත කර තිබූ ස්ථිර මහාධිකරණ ගොඩනැගිල්ලේ (අංක 8 මහාධිකරණය සහිත ගොඩනැගිල්ලේ) මෙම නඩුව විභාග වූ අතර, ඊයේ සිට එම නඩු විභාගය කොළඹ 7, විජේරාම මාවතේ, අංක 121/1 දරන ස්ථානයේ (මීට පෙර කෙහෙළිය රඹුක්වැල්ල පරිහරණය කළ නිවස) ස්ථාපිත කර ඇති ස්ථිර මහාධිකරණයේදී ආරම්භ විය.
අවසාන වශයෙන් මෙම නඩුව නාමල් බලල්ලේ (සභාපති), මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරු මඩුල්ල විසින් විභාග කරන ලදී. එහිදී විනිසුරු නාමල් බලල්ලේගේ සේවය අත්හිටුවා ඇති අතර, විනිසුරු මහේන් වීරමන් විශ්‍රාම ගොස් ඇත. අනෙක් විනිසුරු සුජීව නිශ්ශංක පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ නඩුව විභාග කරන විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු බැවින් ඔහු දෛනිකව එම නඩු විභාගයට සහභාගී වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට ඇප මත පසුවන විත්තිකරුවන් වන ගිරිතලේ යුද හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ලෙෆ්ටිනන්ට් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න, ස්ටාෆ් සැරයන් වඩුගෙදර විනිප්‍රියන්ත දිලංජන් උපසේන හෙවත් සුරේෂ්, ස්ටාෆ් සැරයන් ආර්.එම්.පී.කේ. රාජපක්ෂ හෙවත් නාදන්, ස්ටාෆ් සැරයන් සෙනවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජි, චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණිෂ්ක කුමාර අබේරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, කේ.ජී. තරංග ප්‍රසාද් ගමගේ සහ එරන්ද පීරිස් යන සියලු දෙනා එදින අධිකරණය හමුවේ පෙනීසිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා පෙනීසිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ රසික බාලසූරිය සහ අසිත් සිරිවර්ධන ඇතුළු නීතිඥ පිරිසක් පෙනීසිටියහ. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පෙනීසිටියේය.
මෙහිදී මෙම නඩුවේ 79 සහ 84 වන සාක්ෂිකරුවන්ට එළඹෙන 8 වැනිදා අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පෙනී සිටින ලෙස නියෝග කරමින් නොතීසි නිකුත් කළ අධිකරණය, එතෙක් නඩුව කල් තැබීය. තවද, මෙම නඩුව සෑම සතියකම සිකුරාදා දිනවල විභාගයට ගැනීමට ද සැලසුම් කර ඇත.
2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
(උපුටාගැනීම – whatnews.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart