
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ නිවස පිළිසකර කොට ඔහුගේ සහෝදරියට පැවරීමට ගත් තීරණයට ඇය අකැමැති වීම නිසා එම නිවස කෞතුකාගාරයක් බවට පත්කිරීමට (24 දා) තීරණය කොට තිබේ.
වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී නඩරාජා අනන්තරාජ් පැවසුවේ ප්රභාකරන් වයස අවුරුදු 13 වන තුරුම ජීවත් වූයේ එම නිවසේ බවයි.
වැල්වැටිතුරේ ප්‍රාදේශීය සභාව ගත් මෙම තීරණය දැනුම් දීමට මන්ත්‍රීවරයා ප්රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයේ ප්රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබිණි.
ඉඩම් හිමියන්ගේ අභිමතය පරිදි මෙම ස්ථානයේ ඉදිකරන නව ගොඩනැගිල්ල දෙමළ ජනතාවට ආඩම්බරයක් සහ ප්‍රතිලාභයක් විය යුතු බවට වගකීම අවබෝධ කර ගනිමින්, වැල්වැටිතුරෙයි සහ අනෙකුත් ස්ථානවල සහ ඩයස්පෝරා රටවල වෙසෙන දෙමළ බුද්ධිමතුන් අතර විවිධ ක්ෂේත්රවල විශේෂඥයන් සමග සාකච්ඡා කර මහල් 3 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සැලැස්මක් සකස් කරන ලද බව ඔහු මෙහිදී පැවසීය.
ඒ අනුව බිම් මහලේ කලාගාරයක් ස්ථාපිත කිරීමටද, අනාගත පරම්පරාවන්ට දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික ඉතිහාසය ගැන ඉගෙන ගත හැකි වන පරිදි ඓතිහාසික සිදුවීම් ඇතුළත් ගැලරියක් 2 වන සහ 3 වන මහල්වල පිහිටුවීමට ද මෙහිදී තීරණය විය.
දෙමළ ප්‍රජාවේ අනාගත තරුණ පරම්පරාව අතර විශිෂ්ට පෞරුෂයන් වධර්නය කිරීම සඳහා ආධ්‍යාත්මිකත්වය, අධ්‍යාපනය, කලාව, සංස්කෘතිය යන ක්ෂේත්රවල සමාජීය වශයෙන් ව්‍යුහගත නායකත්ව ව්‍යුහයක් නිමර්කාණය කිරීම සහ ඉතිහාසය සංරක්ෂණය කිරීම ප්රවධර්නය කිරීම ද මෙම ගොඩනැගිල්ල තුළින් සිදු කරන බව ඔහු මෙහිදී පැවසීය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart