
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය හදිසි විදුලිය මිලදී ගැනීමේ අනුමැතිය යටතේ ආන්දෝලනාත්මක ඒස් පවර්(Ace Power) ඇඹිලිපිටිය බලාගාරයෙන් මෙගාවොට් 100ක් සහ ඒස් පවර් මාතර බලාගාරයෙන් මෙගාවොට් 20ක් වන ලෙස මෙගාවොට් 120ක් විදුලිය ලබාගැනීමට සූදානම් බව වාර්තා වේ.
මෙහිදී මෙගාවොට් 20 ක ප්රසම්පාදනය සඳහා ඒස් පවර් මාතර සමඟ පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර, මෙගාවොට් 100 මිලදී ගැනීම සඳහා ඇඹිලිපිටිය බලාගාරය සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බව වාර්තා අනාවරණය කරයි.
ඒස් පවර් මාතර වෙතින් විදුලි ඒකක ප්රසම්පාදනය හා සම්බන්ධ පිරිවැය තවමත් අනාවරණය කර නැතත්, ලංවිම සහ පෞද්ගලික බලාගාර අතර සාකච්ඡා අවසන් කර ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු මිල ගණන් ප්රසිද්ධියට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දකුණු පළාතේ අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා මෙම හදිසි විදුලිය අත්පත් කර ගැනීම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
විශේෂයෙන් දකුණු පළාතට විදුලිය ලබාදීම සඳහා විදුලි බල මණ්ඩලය දීර්ඝ කාලින වැඩපිළිවෙලක් සකස්කර නැත්තේ, මෙම පෞද්ගලික බලාගාර දෙක හරහා අධික මිලට විදුලිය මිලදී ගැනීම හරහා අක්රමිකතා සිදුකිරීමට බවට චෝදනා එල්ලවී ඇත.
ඒස් පවර් ඇඹිලිපිටියෙන් සහ මාතරින් හදිසි විදුලිය ලබාගැනීමට ලංවිම මෑතදී ගත් පියවර ආන්දෝලනාත්මක කුණාටුවක් අවුලුවා ඇති අතර, පසුගිය කාලයේ ලංවිම සහ ඒස් පවර් අතර අත්සන් කරන ලද ගිවිසුම්වල සැළකිව යුතු අක්රමිකතා හෙළිදරව් වී තිබේ.
ඒස් පවර් සමඟ ඇති විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් මෑතකදී නිකුත් කරන ලද විගණන වාර්තාවක් ඔස්සේ අනාවරණය කර ඇත්තේ, 2016 සිට 2021 දක්වා වසර පහක කාලය තුළ මෙවැනි හදිසි විදුලිය මිලදීගැනීම් වෙනුවෙන් ලංවිම ඒස් පවර් වෙත රුපියල් බිලියන රුපියල් බිලියන 59කට අධික දැවැන්ත මුදලක් ගෙවා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart