
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්ථානයේ දරිද්‍රතාවය නැවත වරක් ඉහළ ගොස් ඇති අතර, නවතම ඇස්තමේන්තුවලට අනුව එරට ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇද දමා ඇත.
ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන ‘Social Policy and Development Centre’ මගින් මෑතකදී සිදු කරන ලද ඇගයීමකට අනුව, එරට දරිද්‍රතාවය 43.5% කි.
එනම් මිලියන 27 කට අධික පුරවැසියන් පිරිසක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වන අතර, එය රජයේ ආයතන සඳහන් කරන 28.9% ක අගයට වඩා බෙහෙවින් වැඩි ය.
එමෙන්ම දරිද්‍රතාවය උග්‍ර වන ප්‍රදේශයන්හි සිදුවී ඇති වෙනස ද දැඩි කනස්සල්ලට කරුණකි.
කලෙක ආර්ථික දියුණුව සඳහා මාවතක් ලෙස සැලකූ නාගරික මධ්‍යස්ථානවල, ග්‍රාමීය ප්‍රදේශවලට වඩා වේගයෙන් දරිද්‍රතාවය ඉහළ යමින් පවතී.
ඉහළ යන නිවාස කුලී, ප්‍රවාහන ගාස්තු, අධික විදුලි හා ජල බිල්පත් සහ දැරිය නොහැකි සෞඛ්‍ය වියදම් හේතුවෙන් නගරයේ ජීවිතය දිනෙන් දින දුෂ්කර වී ඇත.
අඛණ්ඩව පවතින උද්ධමනය හේතුවෙන් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය (ක්‍රය ශක්තිය) හීන වී ඇති අතර, දුර්වල ආර්ථික වර්ධනය නිසා ආදායම් මාර්ග සීමා වී ඇත.
දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ප්රතිපත්තිවල අඛණ්ඩතාව බිඳ වැටී ඇති අතර කොවිඩ් වසංගතයේ පසුබෑම තවමත් පවුල්වල ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරයි.
එමෙන්ම, සමාජයේ සුළු පිරිසක් අතට ධනය කේන්ද්‍රගත වීමත් සමඟ ආදායම් අසමානතාවය තවදුරටත් උග්‍ර වී ඇත.
ඉහළ යන දරිද්‍රතාවයේ සමාජ-දේශපාලන බලපෑම මේ වන විටත් නිර්මාණය වෙමින් පවතී.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය පළුදු වන අතර ජනතාව තුළ නොසන්සුන්තාවයක් වර්ධනය වේ.
මධ්‍යම පන්තිය හැකිලීම සහ දිළිඳු පන්තිය පුළුල් වීම නිසා රජයකට ප්‍රතිසංස්කරණවලට වඩා හුදෙක් ප්‍රශ්නවලට පිළියම් යෙදීමට පමණක් සීමා වීමට සිදුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart