
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය මධ්‍යම රෝමයේ ශාන්ත මේරි මේජොරි බැසිලිකාවේ මිහිදන් කළ බව වතිකානය නිවේදනය කළේය.
වතිකානයේ ශාන්ත පීතර් බැසිලිකාවේ පැවති අවසන් දේව මෙහෙයන් පසු ශුද්දෝත්තම පියතුමන්ගේ දේහය රිය පෙරහරකින් රෝමය වෙත රැගෙන ආවේය.
ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් සරල සහ චාම් ලෙස ආරම්භ කෙරුණේ, ඊයේ මෙරට වේලාවෙන් මධ්‍යහන 12ට පමණයි.
වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර තිබූ පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති මුද්‍රා තැබූ දෙන,, අවමංගල්‍ය පෙරහැරකින් සාන්ත පීතර චතුරශ්‍රය වෙත රැගෙන ආවේ ඉන් අනතුරුවය.
ඒ, මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට පමණය.
යැදුම් මෙහෙය පැවැත්වුණේ, කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ හිමිපාණන්ගේ මෙහෙයවීමෙන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart