
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය දේශපාලන කරළිය ආයෙමත් උඩුයටිකුරු වෙලා! වත්මන් අගමැති කීර් ස්ටාමර් තමන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරලා, අංක10 ඩවුනින් ස්ට්‍රීට් නිල නිවසෙන් සමුගන්න සූදානම් වෙනවා. හැබැයි ඉතින්, බ්‍රිතාන්‍යයේ අගමැතිවරු කොච්චර මාරුවුණත්, ඒ හැමෝටම වඩා බලගතු, කිසිම දේශපාලන කුණාටුවකට හෙල්ලන්න බැරි වුණු එක්තරා සුවිශේෂී ‘නිවැසියෙක්’ තාමත් එතනම ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, ලෝක ප්‍රසිද්ධ ලැරී බළලා.
එක්සත් රාජධානියේ රජයේ නිල ‘ප්‍රධාන මීයන් අල්ලන්නා’ විදිහට කටයුතු කරන ලැරී, 2011 අවුරුද්දේ ඉඳන්ම මේ නිල නිවසේ පදිංචි වෙලා ඉන්නවා. දැන් ඔහු තමන්ගේ ජීවිත කාලය ඇතුළත දකින්න ලැබෙන 7 වැනි බ්‍රිතාන්‍ය අගමැතිවරයාව පිළිගන්නයි ලෑස්ති වෙන්නේ. ගතවුණු වසර 15 පුරාවට අගමැතිවරු 6 දෙනෙක් සහ දේශපාලන අර්බුද කෝටියක් දකිමින්, බ්‍රිතාන්‍ය දේශපාලනයේ නොමැකෙන චරිතයක් වෙන්න මේ බළලුන්ගේ රජාට පුළුවන් වෙලා තියෙනවා.
දැන් වයස අවුරුදු 19ක් වන ලැරී (මිනිස් වයසින් නම් අවුරුදු 90කට වඩා වැඩියි), 2011 පෙබරවාරි මාසයේදී එවකට අගමැතිව සිටි ඩේවිඩ් කැමරන් සහ ඔහුගේ බිරිඳ සමන්තා විසින් ‘බැටර්සී බල්ලන් සහ බළලුන්ගේ නිවාසයෙන්’ හදාවඩා ගැනීමට ගෙන ආවෙක්. එදා කැමරන් කිව්වේ ලැරී ඩවුනින් ස්ට්‍රීට් එකට එන එක ගැන තමන් ගොඩක් සතුටු වන බවයි. හැබැයි කැමරන්වත් හිතන්න නැතුව ඇති අගමැතිවරු ඔක්කොම පරද්දලා ලැරී මෙච්චර කල් රජ කරයි කියලා!
දේශපාලන නායකයන් වගේ නෙවෙයි, ලැරී කිසිම අගමැතිවරයකුගේ පෞද්ගලික දේපළක් නෙවෙයි. ඔහු 10 ඩවුනින් ස්ට්‍රීට් නිල නිවසේ ‘නිල නිවැසියෙක්’. ඔහුගේ රාජකාරිය වෙන්නේ අගමැති නිවස වටපිටාවේ ඉන්න මීයන් මර්දනය කිරීමයි.
රාජ්‍ය ගොඩනැඟිලිවල බළලුන් ඇති කිරීමේ සම්ප්රදාය 8 වැනි හෙන්රි රජුගේ කාලය දක්වා දිවයන ඈත ඉතිහාසයකට උරුමකම් කියන්නක්. ලැරීට කළින් මෙතන හිටපු නිල බළලා ‘හම්ප්‍රි’. ඔහු 1997දී විශ්‍රාම ගියාට පස්සේ, මේ තනතුරට ආපු පළමු නිල බළලා වෙන්නෙත් ලැරී තමයි.
අදටත් ඩවුනින් ස්ට්‍රීට් එකේ සුප්‍රසිද්ධ කළු පාට දොර ඉස්සරහා වැතිරිලා ඉන්න, පරෙවියන් පස්සේ පන්නන, නැත්නම් ලොකු දේශපාලන ප්රවෘත්ති සාකච්ඡා මැදින් කඩාපාත් වෙන ලැරීව ඡායාරූප ශිල්පීන්ට නම් නිතරම දකින්න ලැබෙනවා.
කොහොම වුණත්, ස්ටාමර්ගේ නික්ම යෑමත් එක්ක බ්‍රිතාන්‍ය දේශපාලන කරළිය ආයෙමත් අලුත් වෙද්දී, කරළියේ හැමදාම ඉන්න ‘ස්ථාවරම’ නායකයා විදිහට ලැරී තමන්ගේ රාජකාරිය උපරිමයෙන්ම කරගෙන යාවි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart