
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල, ගිනිමැල්ලගහ ප්රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමකදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 31 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා තිබේ.
119 හදිසි දුරකථන අංකයට ලැබුණු තොරතුරක් මත තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට ළඟා වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පිරිසක් අතරින් බීමතින් සිටි අයෙකු කඩුවක් අතැතිව පැමිණ නිලධාරීන්ට තර්ජනය කිරීමට සහ පහරදීමට උත්සාහ කළ බවත් වාර්තා වේ.
ඊට ප්රතිචාර වශයෙන් වෙඩි තැබීමෙන් සැකකරුගේ දණහිසට පහළින් තුවාල සිදු වූ බවත්, එය ආත්මාරක්ෂාව සඳහා කළ ක්රියාවක් බවත් පොලිසිය පවසයි.
බද්දේගම, ගනේගම දකුණේ පදිංචිකරුවකු වන තුවාල ලැබූ සැකකරු කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය අතරතුර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති අතර ඔවුන්ද එම රෝහලේම ප්රතිකාර ලබන බව පොලිසිය පවසයි.
තෙලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart