
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන යන නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වැටළීමට ගිය කොත්මලේ පොලිසියේ නිලධාරින් 07 දෙනකුට ඊයේ (01දා) බඹර ප්රහාරයක් එල්ල වී ඇත.
රක්ෂිතය තුළ ගමන් කරද්දී ගසක බැඳ තිබූ බඹර කූඩුවක් පවතින අධික වියළි කාලගුණයත් සමග ඇවිස්සී, වැටළීමට ගිය කොත්මලේ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 07 දෙනකුට බඹරුන් විශාල ලෙස දෂ්ට කර තුවාල සිදුකර ඇති බව වාර්තා වේ.
වැටළීමට ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්රහාරයක් එල්ල වී ඇති බවට ලද තොරතුරක් මත 1990 සුවසැරිය ගිලන් රථ දෙකක් එම රක්ෂිතය ආසන්නයට ගෙන්වා තුවාලකරුවන් 07දෙනාගෙන් දෙදෙනකු කොත්මලේ ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර, බරපතළ තත්ත්වයේ සිටි 5 දෙනකු නුවරඑලිය දිස්ත්රික් මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
බඹර ප්රහාරයට ලක්වූ පොලිස් නිලධාරින් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව නුවරඑළිය දිස්ත්රික් රෝහලේ නිලධාරියෙක් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart