
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘යුක්තිය’ ක්‍රියාන්විතය යටතේ ඇතැම් පොලිස් ස්ථාන මගින් සුළු වැරදි සඳහා පාසල් සිසුන් ඇතුළු අහිංසකයන් අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ට අපරාධ නඩු විධාන පනතේ 54 පනත යටතේ අසාධාරණ ලෙස චෝදනා එල්ල කරන බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් චෝදනා එල්ල වී තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ හන්දිවල සහ පාරවල්වල ගැවසෙන තරුණයන් ද පොලිස් ස්ථානවලට ගෙනගොස් අපරාධ නඩු විධාන පනතේ 54 පනත යටතේ නඩු පැවරීම නිසා ජනතාව බරපතළ ප්‍රශ්නවලට මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්රිය හේරත් පාර්ලිමේන්තුව හමුවේ ඊයේ පැවසීය.
පෙර දින නාරම්මල ප්‍රදේශයේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් තරුණයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් පාසල් සිසුවකු ඇතුළු පස් දෙනෙකුට 54 පනත යටතේ චෝදනා එල්ල වී ඇති බව ඔහු පැවසීය.
“නාරම්මල පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඉතා අසාධාරණ ලෙස ක්‍රියා කරනවා. ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි. 54 පනත යටතේ මේ තරුණයන්ට චෝදනා එල්ල වුණාම ඔවුන් ආපහු සමාජයට එන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ලෙසයි. යුක්තිය මෙහෙයුම හොඳයි. නමුත් සමහර පොලිස් නිලධාරීන් ඒක අවභාවිත කරනවා ” යැයි මන්ත්‍රීවරයා පැවසීය.
මේ පිළිබඳ සොයා බලා පියවර ගන්නා ලෙස ඔහු මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පැවසුවේ මෙවැනි සිදුවීම් බොහෝ දිස්ත්‍රික්කවල වාර්තා වන අතර නීතිය ක්‍රියාත්මක කරන බව කියමින් නීතිය අතට ගැනීම වැරදි බවයි.
ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් යුක්තිය මෙහෙයුම දැඩි විවේචනයට ලක්ව ඇති බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart