
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය නගර පරිශ්‍රයේදී මෑතකදී සිදු වූ ගැටුමකින් පසු චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අටදෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වූට්ලර් සඳහන් කළේ, එම සැකකරුවන්ගෙන් තිදෙනෙකු සිද්ධියෙන් පසු වහාම දිවයිනෙන් පලා ගොස් ඇති අතර, තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම මඟහරිමින් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින බවයි. ඔවුන් සඳහා මේ වන විටත් විදේශ ගමන් තහනම් පනවා ඇත.
මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් පවතී. අදාළ නඩුව අගෝස්තු 6 වන දින කැඳවීමට නියමිත අතර එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමට නියමිතය.
සහකාර පොලිස් අධිකාරී වූට්ලර් වැඩිදුරටත් සඳහන් කළේ මෙම විමර්ශන සඳහා චීන තානාපති කාර්යාලයේ සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ලැබී ඇති බවයි.
විදේශිකයන්ට නිවාස, ආපනශාලා හෝ වාණිජ පරිශ්‍ර කුලියට දීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙසත්, යම් සැකකටයුතු ක්‍රියාකාරකමක් ඇත්නම් වහාම ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹ වරාය නගරයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසු අතුරුදන් වූ බවට වාර්තා වූ චීන ජාතිකයාගේ මළ සිරුර ජූලි 23 වන දින ඇහැළියගොඩ ප්‍රදේශයෙන් හමු වූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරී වූට්ලර් මෙම තොරතුරු අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart