
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුරෝපය පුරා ගුවන්තොටුපොළ මෙහෙයුම් කඩාකප්පල් කර ඇති සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිමහෙළීම සඳහා පොලිසියට බලය ලබාදීමට ජර්මනිය සූදානම් වන බව වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ඊයේ එරට කැබිනට් මණ්ඩලය විසින් මේ සඳහා එකඟත්වය පළකර ඇති බවයි.
ඒ අනුව පාර්ලිමේන්තු අනුමැතිය හිමිවේයැයි පැවසෙන එම නව නීතිය, උග්‍ර තර්ජනයක් හෝ බරපතල හානියක් සිදු වූ විට වෙඩිතබා බිමහෙළීම ඇතුළුව ජර්මනියේ ගුවන් සීමාව උල්ලංඝනය කරන ඩ්‍රෝන යානා බිමහෙළීමට පොලිසියට පැහැදිලිවම අවසර දෙයි.
ඩ්‍රෝන යානා බිමහෙළීමට ඇති අනෙකුත් ශිල්පීය ක්‍රම අතරට ලේසර් භාවිත කිරීම හෝ පාලන සහ සංචාලන සම්බන්ධතා බිඳදැමීම සඳහා සංඥා අවහිර කිරීම ඇතුළත් වේ.
“සැකකටයුතු ඩ්‍රෝන ක්‍රියාකාරකම් අපගේ ආරක්ෂාවට තර්ජනයක්,” යනුවෙන් ජර්මනියේ චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි සටහනක් තබමින් පවසා ඇත.
ඔහු පවසන්නේ, එවැනි ක්‍රියා සඳහා ජර්මනිය ඉඩ ලබානොදෙන බව සහ ඉදිරියේදී එවැනි ඩ්‍රෝන යානා හඳුනාගෙන ඒවාට ඉක්මණින් ප්‍රතිචාර දැක්විය හැකි වන පරිදි ෆෙඩරල් පොලිසියේ බලතල ශක්තිමත් කරමින් සිටින බවයි
ජර්මනියේ දෙවැනි විශාලතම ගුවන් තොටුපොළ වන මියුනිච් ගුවන්තොටුපළේ පසුගිය සිකුරාදා ගුවන් ගමන් යානා රැසක් හරවා යැවීමට හෝ අවලංගු කිරීමට සිදුව තිබුණේ එවැනි සැකකටයුතු ඩ්‍රෝන යානා ගුවන් සීමාවේ පවතින බව හඳුනා ගැනීමෙන් අනතුරුවය.
ඒ අනුව ගුවන් මගීන් 10,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී තිබිණි.
ජර්මනියෙන් පමණක් නොව තවත් යුරෝපා රටවල් කිහිපයකින් ඉකුත් සති කිහිපය පුරා එවැනි ඩ්‍රෝන යානා හඳුනාගෙන තිබූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart