
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රථවාහන පොලිස් නිලධාරීන් සඳහා වන ත්‍යාග මුදල් වැඩිකිරීමේ චක්‍රලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නිකුත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ, වසර 13ක කාලයකට පසුව මෙම වැඩිවීම සිදුවන අතර එය මාසිකව ගෙවන බවයි.
ඒ අනුව රථවාහන පොලිසියේ ස්ථානාධිපතිවරුන්ට සහ පරීක්ෂක කාණ්ඩයේ නිලධාරීන්ට මෙතෙක් ගෙවූ රු. 2,500ක සහ රු. 2,000ක මුදල රු. 7,000, දක්වා වැඩිකර ඇත.
එසේම පොලිස් සැරයන්වරුන්ට සහ කොස්තාපල්වරුන්ට දැන් මාසිකව ගෙවන 1,800 ක් සහ රු. 1,600ක් වන මුදල රු. 6,000ක් දක්වාද, පොලිස් කොස්තාපල් රියදුරන්ට ගෙවනු ලබන රු. 1,200ක මුදල රු. 4,000ක් දක්වා වැඩිකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart