
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුණෑගලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී නිලධාරීන් දෙදෙනෙකු බලය පාවිච්චි කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිසිය අවධානය යොමුකර තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සැකකරු බිම තබා කඹයකින් ගැටගසන අයුරු වීඩියෝවේ දැක්වේ.
එක් නිලධාරියෙක් සැකකරු මත වාඩි වී සිටින අතර අනෙක් නිලධාරියා සැකකරුගේ කකුල් බැඳ දමමින් සිටී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ, පසුගිය දෙසැම්බර් 26 වැනිදා කුරුණෑගල – දොරටියාව ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි.
මත්කුඩු ළඟ තබාගැනීම සහ සොරකම් කිරීමේ චෝදනා මත මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සැකකරු අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.
“වීඩියෝවේ සිටින පුද්ගලයා මත්ද්‍රව්‍ය අලෙවි කරමින්, සොරකම් කරමින් පසුවන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2ක් සොයා ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබෙනවා. සැකකරු පාලනය කිරීමට උත්සාහ කිරීමේදී නිලධාරීන් විසින් ඔහුට පහර දීමට කටයුතු කර නැහැ, ” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart