
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික ජනමාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියා පොලිස් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.
ඊයේ (30) නිකුත් කළ කැඳවීමකට අනුව ඊයේ (01) දිනයේ නීතිඥවරයකු ද සමඟ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අදාළ කැමරා ශිල්පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුගිය බදාදා (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරියකුට මෙලෙස පහරදී ඇතැයි චෝදනා එල්ලවිය.
එහි සිටි ජනමාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වූ දර්ශනවලට අනුව අදාළ කැමරා ශිල්පියා සිය කැමරාවෙන් ආරක්ෂක නිලධාරියාට පහරදෙන අයුරු දක්නට ලැබුණු අතර එම දර්ශන පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු විය.
මේ අතර, සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා නාරාහේන්පිට පොලිස් රෝහලේ දැනට ප්‍රතිකාර ලබමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart