October 2, 2026

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි කියන ‘ලොකු පැටී’ නමැත්තාගේ බාල සොහොයුරා අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔක්තෝබර් 01 වැනිදා රාත්‍රී 8.10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ හඳුනානොගත් තුවක්කුකරුවකු විසින් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් භාවිත කරමිනි.

මෙසේ මියගොස් ඇත්තේ ලන්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා නමැති අයෙකි.

බලධාරීන් විසින් මියගිය පුද්ගලයා, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස හඳුන්වනු ලබන ‘ලොකු පැටී’ නැමැත්තාගේ සොහොයුරා බව පොලිසිය සනාථ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.