April 30, 2026

මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගමන්ගත් කාන්තාවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ සහ ගෝනපල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29,28,27,හා 26 වැනි වියේ පසුවන කාන්තාවන් බව පොලිසිය අනාවරණය කර ඇත.

මෙම කාන්තාවන් සිව්දෙනා හොරණ, රෙමුණ බැල්ලපිටියේ ආඳාදොලේ දිය නෑමට ගොස් මත්පැන් පානය කර ආපසු නිවෙස් බලා ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටි අඟුරුවා⁣තොට පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවන් කාලයක් තිස්සේම මෙසේ ආඳා දොලේ දිය නෑමට පැමිණ මත්පැන් පානය කර යතුරුපැදි වලින් ආපසු ගමන් කර ඇති බවත්, මෙම කාන්තාවන් අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී ඇති බවත් පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.(ලංකාදීප)