
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සම්භාහන මධ්‍යස්ථාන රැසක හිමිකාරීත්වය දරණ කාන්තාවක සමඟ විවාහ ගිවිසගත් ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධව පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.
බස්නාහිර පළාතේ සම්බාහන මධ්‍යස්ථාන බහුලව තිබෙන ප්‍රදේශයක පොලිසියක රාජකාරි කරන මෙම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයාගේ විවාහයට සාක්ෂිය ලෙස ඔහු රාජකාරි කරන පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්සන යොදා ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.
දෙදරු මවක් වන අදාළ කාන්තාව පළමු විවාහයෙන් වෙන්වී සිටින කාන්තාවක් බවද අනාවරණය කරගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
උප පොලිස් පරීක්ෂකවරයාගේ මාපියන්ගේ දැනුවත්වීමකින් තොරව මෙම කසාදය සිදුවී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart