
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කල්පිටිය වෙඩි පිටියේදී පසුගිය ජූනි 17 වැනිදා පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර, පොලිස් නිලධාරියකු ඇතුළු පිරිසක් සහ ගුවන් හමුදා සාමාජිකයන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසය ක්‍රියාත්මක වෙමින් තිබූ අවස්ථාවේදී, පූර්ව අවසරයකින් හෝ දැනුම්දීමකින් තොරව පුද්ගලයන් තිදෙනකු වෙඩි පිටියට අයත් ආරක්ෂිත සීමාව තුළට ඇතුළු වී ඇත.
එහිදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සාමාජිකයන් හත්දෙනකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරියකු විසින් වහාම ක්‍රියාත්මක වී අදාළ සිවිල් පුද්ගලයන් තිදෙනා නවතා ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව විමසීමක් කර තිබේ.
එම ප්‍රශ්න කිරීම් අතරතුරදී ඉන් එක් අයෙකු පොලිස් නිලධාරියෙකු බවත්, අනෙක් දෙදෙනා ඔහු සමඟ පැමිණි සිවිල් වැසියන් බවත් හඳුනාගෙන ඇති අතර, එහිදී දෙපාර්ශවය අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.
ගුවන් හමුදාව පවසන්නේ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාස කටයුතු සිදුවන කාලසීමාව තුළ අදාළ ප්‍රදේශය සාමාන්‍ය ජනතාවට ඇතුළු වීම තහනම් ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති බවයි.
එවැනි අවස්ථාවලදී එම කලාපයට ඇතුළු වන සියලුම පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරෙන බැවින්, පුද්ගල ආරක්ෂාව තහවුරු කිරීම සහ අනතුරුදායක තත්ත්වයන් වළක්වාගැනීමේ අරමුණින් ගුවන් හමුදා සාමාජිකයන් එහිදී අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කර තිබේ.
කෙසේවෙතත්, මෙම සිදුවීම පිළිබඳව තත්ත්වය පැහැදිලි කරගැනීම සහ විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇති බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart