February 28, 2026

වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමේ නව නීති සම්පාදනය කිරීමට පෝලන්තය සැලසුම් කර තිබේ.

එරට අධ්‍යාපන අමාත්‍ය බාබරා නොවැක්කා බ්ලූම්බර්ග් නිවුස් වෙත සිකුරාදා සඳහන් කර තිබුණේ වයස් සත්‍යාපනය සඳහා අදාළ සමාජ වේදිකා වගකිව යුතු බවයි.

පාලක සිවිල් සන්ධානය එළඹෙන සිකුරාදා කෙටුම්පතේ දළ සටහන ඉදිරිපත් කරනු ඇති අතර, තරුණ පරිශීලකයන්ට ප්‍රවේශ විය හැකි වේදිකා සඳහා දඩ මුදල් ගෙවීමට එමගින් සැලසුම් කර ඇති බව නොවැක්කා පැවසීය.

මෙම නීතිය 2027 මුල් භාගය වන විට ක්‍රියාත්මක විය හැකි බව ද ඔහු පැවසීය.

“අපි දරුවන්ගේ සහ තරුණයන්ගේ මානසික සෞඛ්‍යය දකිනවා, ඔවුන්ගේ බුද්ධිමය නිපුණතාවයේ පහත වැටීමක් අපට පෙනෙනවා,” යනුවෙන් අමත්‍යවරයා සඳහන් කර තිබේ.

සමාගම්වලට ගෙවීමට සිදුවන දඬුවම් ප්‍රමාණය තවමත් සාකච්ඡා වෙමින් පවතින බව නොවැක්කා පැවසීය.

සමාජ මාධ්‍ය සේවා බාලවයස්කරුවන්ට හානිකර හෝ ඇබ්බැහි කරවන බවට පවතින ප්‍රකාශ හේතුවෙන් ඩෙන්මාර්කය, ග්‍රීසිය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රජයන් කිහිපයක් සීමාවන් පැනවීම සඳහා මෙවැනිම ආකාරයේ ගවේෂණය කර ඇත.

ඕස්ට්‍රේලියාව පසුගිය දෙසැම්බර් මාසයේදී මේ සඳහා නීති ක්‍රියාත්මක කිරීමෙන් පසු, අන්තර්ජාලය හරහා ළමුන් ආරක්ෂා කිරීම සඳහා සීමාවන් සළකා බලන බව බ්‍රිතාන්‍ය රජය ජනවාරි මාසයේදී පැවසීය.

මෙම මුලපිරීම මෙටා සහ එක්ස් වැනි එක්සත් ජනපද තාක්ෂණික සමාගම් සමඟ ගැටීමට හේතු විය හැකි අතර, ඉන් සමහරක් පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ තහනමෙන් පසුව අදාළ සීමාවන්ට එරෙහිව පසුබට වී ඇත.