October 23, 2025

රටේ ආර්ථිකය නගාසිටුවීමට නම් සිදු කළ යුත්තේ ඵලදායීතාව නංවාලීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රටේ ඵලදායීතාව වැඩි නොකරන්නේ නම් අපනයන වැඩි කිරීමෙන් ඵලක් නොවන බවයි.

අවශ්‍ය වන්නේ සීග්‍රයෙන් සංවර්ධනය වන රටක් ලෙස කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඒ සඳහා සිදු කළ යුත්තේ ආර්ථික වර්ධන වේගය 7% – 8% සීමාවට රැගෙන ඒම සහ සීග්‍ර සංවර්ධනයක් ඇතිව ගමන් කිරීම බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.