
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු ලෙස නම් දරා සිටින කරන්දෙණියේ සුද්දා ගේ මව, සොහොයුරිය සහ මස්සිනා ඇතුළු පවුලේ සාමාජිකයන්ට රටින් පලායෑමට විදේශ ගමන් බලපත්ර සකස්කර දී ඇත්තේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදා කපිතාන්වරයා විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම සැකකරුගේ මස්සිනාට අයත් මිනුවන්ගොඩ පිහිටි ඉඩමක වළ දමා තිබියදී සොයාගත් ටී 56 මැගසින් 18 සහ උණ්ඩ 25 කරන්දෙණියේ සුද්දාට අයත් ඒවා බව ද අනාවරණය වී තිබේ.
කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත මෙම ආයුධ තමන් සඟවාගෙන සිටි බව සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී හෙළි කරගත හැකිවී තිබේ.
කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත මීට මාස 06කට පමණ පෙර ඔහුගේ මවට, මස්සිනාට සහ සොහොයුරියට විදේශ ගමන් බලපත්ර සකස් කර දී ඇත්තේ මෙම සැකකාර හිටපු කපිතාන්වරයා විසින් බවද පොලිසිය පවසයි.
සැකකාර හිටපු කපිතාන්වරයා සතුව තිබූ තවත් ජංගම දුරකථනයක් ද පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම දුරකථනයේ රහසිගත තොරතුරු සහ දුරකථන අංක රැසක් මකා දමා තිබෙන බවද පොලිසිය පවසයි.
සැකකරු මකා දැමූ තොරතුරු සොයා ගැනීමට මොරටුව විශ්වවිiාලයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු පවසති.
මෙම පුද්ගලයා ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ දේශපාලකයන්ගේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති බවද අනාවරණය වී තිබේ.
සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්රශ්න කරගෙන යයි.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ රොහාන් ඕලුගලගේ මෙහෙයවීමෙන් ප්රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart