
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ඇමැති නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට හේතු වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු, විපක්ෂය සමඟ එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන් කිහිපදෙනකු, තම මන්ත්‍රී තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස පොදුජන පෙරමුණු නායකත්වයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඒ සිය මන්ත්‍රී ධූර අහිමිවනු ඇතැයි යන බිය නිසාය.
පක්ෂයේ නිල ස්ථාවරයට පටහැනිව ආණ්ඩුව සමඟ 2021 අයවැයට ඡන්දය දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් (SLMC) නෙරපා හැරීම තහවුරු කිරීමෙන් පසු, නසීර් අහමඩ්ට ඔහුගේ අසුන අහිමි විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගෙන සිටිති.
ඒ අතර ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය සමඟින් දේශපාලනය කිරීමට පටන් ගත්තේය.
වාර්තා සඳහන් කරන ආකාරයට ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය අමතා තමාට සජබ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව දැනුම් ඇත.
පක්ෂය විසින් ඔහුගෙන් කරුණු පැහැදිලි කිරීම් කැඳවූ අවස්ථාවේදී ඔහු මේ ආකාරයෙන් ප්‍රතිචාර දක්වා ඇත.
මුලදී, ඔහු කරුණු පැහැදිලි කිරීම සඳහා මාස තුනක් ඉල්ලා සිට ඇති නමුත්, නසීර් අහමඩ් නෙරපා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පසු වහාම ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart