
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශේෂ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජූනි 13 සිට 14 දක්වා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම සංචාරය අතරතුර, ජූනි 14 සිට 16 දක්වා කාලය තුළ ඔහු ස්ලෝවැකියාවේ ද සංචාරය කිරීමට නියමිතය.
සංචාරයේ පළමු අදියර ලෙස ජූනි 14 වැනිදා නීස් නුවරදී අග්‍රාමාත්‍ය මෝදි සහ ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වේ.
එහිදී, මේ වසරේ මුලදී ‘විශේෂ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයක්’ දක්වා ඉහළ නංවන ලද ඉන්දු-ප්‍රංශ ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත ප්‍රගතිය නායකයන් දෙපළගේ සමාලෝචනයට ලක්වනු ඇත.
එසේම නීස් නුවරදී, ඉන්දියාව, ප්‍රංශය ඇතුළු රටවල් රැසක ප්‍රමුඛ පෙළේ නවෝත්පාදන ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික අරමුදල් ආයෝජකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන “Bharat Innovates” ප්‍රදර්ශනය ද නායකයන් දෙපළ විසින් ඒකාබද්ධව විවෘත කිරීමට නියමිතය.
‘ඉන්දු-ප්‍රංශ නවෝත්පාදන වර්ෂය’ ට සමගාමීව සංවිධානය කර ඇති මෙමඟින් දෙරට අතර නවෝත්පාදන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart