
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර අගය කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ඉන්දුනීසියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානය වන ‘බින්තන්ග් ආදිපූර්ණ’ (Bintang Adipurna of the Republic of Indonesia) පදක්කම පිරිනමනු ලැබීය.
ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ විසින් අග්‍රාමාත්‍ය මෝදි වෙත මෙම උසස් සම්මානය නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.
සම්මානය ලැබීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මෙසේ ප්‍රකාශ කර තිබිණි:
“අද උදෑසන ඉන්දුනීසියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානය අතිශය සෙනෙහසින් යුතුව මට පිරිනමනු ලැබුවා. මෙම ගෞරවය අයිති වන්නේ කෝටි සංඛ්‍යාත ඉන්දීය ජනතාවටයි… මෙය ඉන්දුනීසියානු ජනතාවගේ හෘදයාංගම හැඟීම්වලට සහ ඉන්දියාව හා ඉන්දුනීසියාව අතර පවතින ඓතිහාසික මෙන්ම සමීප සබඳතාවලට ලැබුණු ඇගයීමක්. ජනාධිපති ප්‍රබෝවෝ මැතිතුමාටත්, ඉන්දුනීසියානු රජයට සහ එහි වැසියන්ටත් මගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමනවා.”
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සඳහන් කළේ, මෙය “ඉන්දු – ඉන්දුනීසියා මිත්‍රත්වයට පිදුණු උපහාරයක්” බවයි.
අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය තුළින් දෙරටේ සබඳතා ශක්තිමත් කිරීමටත්, ඉන්දුනීසියාවේ සමගිය සහ සමෘද්ධිය ඉදිරියට ගෙනයාමටත් දැක්වූ දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමූ බවත්, අගමැතිවරයා මෙම සම්මානය සමස්ත ඉන්දීය වැසියන් වෙනුවෙන් කැපකළ බවත් ඔහු වැඩිදුරටත් ‘X’ ගිණුමේ සටහන් කර තිබිණි.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ද ප්‍රකාශ කළේ, මෙම සම්මානය සමස්ත ඉන්දියානුවන්ටම විශාල ආඩම්බරයක් වන අතර, දෙරට අතර පවතින ‘විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය’ මෙන්ම ඉන්දියා – ආසියාන් (India-ASEAN) සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට අගමැති මෝදි නොපසුබටව දැරූ උත්සාහයට ලැබුණු සාක්ෂියක් බවයි.
1959 වසරේදී ස්ථාපිත කරන ලද ‘බින්තන්ග් ආදිපූර්ණ’ සම්මානය ඉන්දුනීසියානු ජනරජයේ පිරිනමනු ලබන ඉහළම ගෞරව සම්මානයයි. මෙම සම්මානය පිරිනමනු ලබන්නේ ඉන්දුනීසියානු ජනරජයේ සමගිය, අඛණ්ඩතාව සහ සමෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී මෙන්ම අසමසම සේවාවක් ඉටුකළ පුද්ගලයින් ඇගයීම සඳහාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart