March 8, 2025

ළමුන් සඳහා ශාරීරික දඬුවම් තහනම් කරන නීතියක් කඩිනමින් සම්මත කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී පැවසීය.

“දඬුවම දරුවකුගේ වර්ධනයට සැළකිව යුතු බලපෑමක් ඇති කරනවා. ප්‍රචණ්ඩත්වයෙන් ගැටලු විසඳිය හැකි බව දරුවන් විශ්වාස කළොත් ඔවුන් එම විශ්වාසය සමගයි වැඩිහිටිභාවයට යන්නේ. සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බොහෝ දෙනෙක් බිඳුණු පවුල්වලින් එන පිරිස,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

ඔහු තවදුරටත් සඳහන් කළේ බිඳුණු දරුවකු නිවැරදි කිරීම පහසු වුවත් බිඳුණු වැඩිහිටියකු නිවැරදි කිරීම පහසු නොවන බවයි.

කාන්තාවන් සමාජයට දක්වන දායකත්වයේ වැදගත්කම ද ඔහු අවධාරණය කළ අතර, ඔවුන්ගේ කාර්යභාරය හඳුනා ගැනීමට එක් දින විවාදයක් ප්‍රමාණවත් නොවන බව පැවසීය.