
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම පළාත් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිරි වසර දෙක ඇතුළත මහනුවර නගරයේ ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හතරක් නිමකිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.
මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් සෙවීම සහ නාගරික සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක උපායමාර්ගික සංවර්ධන සැලැස්ම යටතේ ගැටඹේ හන්දිය ගුවන් පාලම, මහයියාව භූගත උමං මාර්ගය, විලියම් ගොපල්ලව මාවත සංවර්ධන ව්‍යාපෘතිය සහ ලුවිස් පීරිස් මාවත සංවර්ධන ව්‍යාපෘතිය මෙලෙස කඩිනම් කිරීමට පියවර ගැනේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලල්කාන්තගේ සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ සහභාගීත්වයෙන් 2026 ජූලි 15 වැනිදා මෙම ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයක් සහ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකරන ලදී.
දේශපාලන, පරිපාලන සහ මූල්‍යමය ගැටලු හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ගැටඹේ හන්දිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු 2025 පෙබරවාරි මාසයේදී නැවත ආරම්භ විය. ගන්නෝරුව-මහනුවර සහ පේරාදෙණිය-මහනුවර ඇතුළු මාර්ගවල රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 14කි.
මහනුවර නගරයේ තදබදය අඩු කිරීම සඳහා විලියම් ගොපල්ලව මාවත මංතීරු හතරක් දක්වා පුළුල් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් මිලියන 675ක ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වේ.
මහනුවර, බූවැලිකඩ සහ අම්පිටිය යා කරන ලුවිස් පීරිස් මාවත ව්‍යාපෘතිය යටතේ එම මාර්ගය මංතීරු දෙකක් සහ දෙපස පදික වේදිකා සහිතව නවීකරණය කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 539ක් වෙන් කර ඇති අතර, එම ප්‍රදේශයේ පවතින නායයෑමේ අවදානම හේතුවෙන් ‘සොයිල් නේලින්’ ක්‍රමවේදය භාවිත කරමින් බෑවුම් ස්ථායීකරණ කටයුතු ද මීට ඇතුළත් වේ.
මේ අතර, මහනුවර-යාපනය (A-009) ප්‍රධාන මාර්ගයේ සහ උඩරට දුම්රිය මාර්ග ජාලයේ ගමනාගමන කටයුතු පහසු කරවන මහයියාව උමං ව්‍යාපෘතිය රුපියල් මිලියන 650ක පිරිවැයකින් ඉදිකරනු ලබයි. මෙම උමං මාර්ගය දිගින් මීටර් 31.7ක්, පළලින් මීටර් 21.8ක් සහ උසින් මීටර් 9ක් වේ.
ක්ෂේත්‍ර පරීක්ෂණයෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය කේ. ඩී. ලල්කාන්ත කියාසිටියේ, මහනුවර නගරයේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් සුරකිමින් දිවයින පුරා සංවර්ධන කටයුතු සිදුවන බවයි. ඉලක්කගත වසර දෙකක කාලය තුළ ව්‍යාපෘති නිම කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මහනුවර සංවර්ධනය ජාතික සැලැස්මකට අනුව සිදුවන බවත්, නගරයේ භෞතික යටිතල පහසුකම් පරිවර්තනයකට ලක්කරමින් ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් නගරය සහ ඒ අවට ක්‍රියාත්මක වන බවත්ය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart