
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සහ වෛද්‍ය හිඟයෙන් මතුව ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය පිහිටුවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට ඊයේ (08) පස්වරුවේ එක්වෙමිනි.
“අපේ රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. මෙරට රෝහල් පද්ධතිය පෞද්ගලික රෝහල් හා රජයේ රෝහල් ලෙස වෙන් කර තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරු විශාල පිරිසක් දැන් රට හැර යමින් සිටිනවා. මෙවන් පසුබිමක් තුළ අපට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට සිදුව තිබෙනවා. ඒඅනුව ඉදිරියේදී පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) අප මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙනවා. ඒ වගේම තවත් වෛද්‍ය පීඨ සහ විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. වැඩිපුර වෛද්‍යවරුන් බිහි කිරීමට අනුගමනය කළ ක්‍රමය එයයි. මේ සඳහා වෙනත් විකල්පයක් නැහැ.” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
“
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart