
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ Yitong UAV System සමාගම විසින් සංවර්ධනය කරන ලද මිනිසුන් රහිත විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නැගෙනහිර චීනයේ Shandong පළාතේ Qingdao හි Laixi Dianbu ගුවන් තොටුපළේදී සිය මංගල පියාසැරිය සම්පූර්ණ කර තිබේ.
එය ටොන් එකකට වඩා වැඩි බරක් සහිත ඉහළ මට්ටමේ මිනිසුන් රහිත ගුවන් සේවා ක්ෂේත්රයෙන් චීනය තවත් සුවිශේෂී ඉදිරි ගමනක් සනිටුහන් කිරීමක් බව අන්තර්ජාතික විචාරකයෝ පෙන්වාදෙති.
TP1000 නමැති එම ඩ්‍රෝන යානයේ සාර්ථක මංගල පියාසැරියෙන් පසුව Yitong UAV System සමාගම සිය WeChat ගිණුමෙන් පළකරන ලද සටහනක පැවසුවේ, සමාගම TP (fixed-wing) සහ TR (tilt-rotor Composite wing) මාදිලි ඔස්සේ සිය නිෂ්පාදන කළඹ පුළුල් කර ඇති බවයි.
TP1000 යානයට එහි කළින් නිෂ්පාදන අභිබවා ගොස් කිලෝග්‍රෑම් 1,000 දක්වා බර පැටවීමේ ධාරිතාවක් පවතින අතර, කිලෝමීටර් 1,000 ක දිගු දුර ගමන් කිරීමේ හැකියාවක් පවතී.
TP1000 ටොන් 3.3ක් බරින් යුක්ත වන අතර, ඝන මීටර් 7ක් දක්වා භාණ්ඩ රඳවා ගැනීමේ පරිමාවක් සහිතව අඩු උන්නතාංශ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශීඝ්‍රයෙන් වර්ධනය වන ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද්දක් බව ද සමාගම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart