
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ චීන වරාය කඳවුරට කඩාවැටුණු පුහුණු ගුවන් යානයේ සිට මියගිය, යානයේ නියමුවා වූ වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් මීට පෙර 2012දී අනතුරකට ලක්වූ මිග් යානයක සිට පිටතට පැන දිවි බේරාගත්තෙකි. එහෙත් මෙවර ඔහුට එම වාසනාව හිමි නොවීය.
2012 පෙබරවාරි 13 වැනි දින තරිඳු හේරත් පැදවූ මිග්-27 ප්‍රහාරක ජෙට් යානය දුම්මලසූරිය පොල් වත්තකට කඩාවැටුණු අතර, එහිදී ඔහු පැරෂුටය ආධාරයෙන් යානයෙන් ඉවතට පැනීම නිසා මරණයෙන් බේරීමට වාසනාවන්ත විය.
වාර්තා වූ අන්දමට අදාළ මිග්-27 ප්‍රහාරක ජෙට් යානය සාමාන්‍ය පුහුණු මෙහෙයුමක යෙදී සිටියදී දුම්මලසූරිය ප්‍රදේශයේදී කඩා වැටී ඇත.
වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ අතර, 2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බඳවා ගැනීමේ 49 වන සාමාන්‍ය රාජකාරි නියමු ශාඛාවේ කැඩෙට් නිලධාරියකු ලෙස සේවයට එක්ව තිබේ.
මෙම අනතුරින් ඔහු සමග යානයේ ගමන් ගත් පියාසර නිලධාරි පේෂාන් වර්ණසූරියද මරණයට පත්විය.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ශිෂ්‍යයකු වන පියාසර නිලධාරි පේෂාන් වර්ණසූරිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා 2017 වසරේ ගුවන් හමුදාවට බැඳී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart