
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.
අදාළ දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම ඝාතනය සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන ජනමාධ්‍ය ආයතනවලට ලැබීම සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදුණු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ඒ පිළිබඳව කරුණු සහ සටහන් කරගත් බව ද පොලිසිය පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart