
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව සහ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා යන පාතාල සාමාජිකයන් රඳවා සිටින බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ සිරමැදිරි අසල නැවත වරක් සඟවා තිබූ ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ තවත් ජංගම උපාංග කිහිපයක් සොයාගෙන තිබේ.
විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ බන්ධනාගාරයේ විශේෂ අංශයේ අංක 44, 38 සහ 37 යන මැදිරිවල හදිසි සෝදිසි කිරීමක් සිදුකරන ලදී.
එහිදී ජංගම දුරකථනයක්, හැන්ඩ් ෆ්‍රී එකක් සහ චාජරයක් ඔවුන් සොයාගෙන ඇත.
සොයාගත් භාණ්ඩ ඉදිරි පරීක්ෂණ සඳහා බන්ධනාගාර බලධාරීන් වෙත භාරදී තිබේ.
මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම බන්ධනාගාරයෙන් ජංගම දුරකථන සොයාගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart