
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මතභේදාතමක මුහුදු සීමාවේ සිදු කරන අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් පිලිපීනය යළිත් චීනයට චෝදනාවක් එල්ල කර තිබේ.
ඒ අනුව පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසන්නේ මතභේදාත්මක දකුණු චීන මුහුදේ වෙරළ තීරයකදී චීන වෙරළාරක්ෂක නෞකා මගින් ජල ප්‍රහාර එල්ල කළ බවයි.
ඔවුන් පැවසුවේ ඉන් ධීවරයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ධීවර යාත්‍රා දෙකකට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බවයි.
පිලිපීන වෙරළාරක්ෂක බලකායට අනුව සබීනා ෂෝල් අසලදී පිලිපීන ධීවර බෝට්ටු රැසකට චීනය ජල ප්‍රහාර එල්ල කිරීමට අමතරව අවහිර කිරීමේ උපාමාරුවලින් බාධා එල්ල කර තිබේ.
අහිංසක ධීවරයින්ගේ ජීවිත අනතුරේ හෙළන නීතිය ක්‍රියාත්මක කිරීමේ මවාපෑම්වලට වඩා මුහුදේ ජීවිත ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දෙමින්, ජාත්‍යන්තරව පිළිගත් හැසිරීම් ප්‍රමිතීන්ට අනුකූල වන ලෙස පිලිපීන බලධාරීන් චීන වෙරළාරක්ෂක බලකායෙන් ඉල්ලීමක් කර ඇත.
චීනයේ වෙරළාරක්ෂක බලකාය පැවසුවේ තමන් පිලිපීන යාත්‍රා කිහිපයක් පලවා හැර පාලනය කිරීමට පියවර ගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart