
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිලිපීනයේ පාසලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ බාලවයස්කාර සැකකරුවෙකු ‘Gorebox’ නමැති වීඩියෝ ක්‍රීඩාවෙහි නිරත වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වීමත් සමඟ, එම ක්‍රීඩාව (Gaming App) තාවකාලිකව තහනම් කිරීමට පිලිපීන බලධාරීන් පියවර ගෙන තිබේ.
පසුගිය සඳුදා මැනිලා නුවරින් ගිනිකොන දෙසින් පිහිටි ටැක්ලෝබන් ප්‍රදේශයේ පාසල් පන්ති කාමරයක් තුළදී 15 සහ 14 යන වයස්වල පසුවන සැකකාර සිසුන් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකු තුවාල ලැබූහ.
පොලිසිය පවසන පරිදි, 14 හැවිරිදි සැකකරු ‘Gorebox’ ක්‍රීඩාවෙහි නිරත වූවෙකි. එහි ගූගල් ප්ලේ (Google Play) නිල විස්තරයට අනුව, එය ක්‍රීඩකයන්ට “තමන් කැමති ඕනෑම දෙයක් සහමුලින්ම විනාශ කිරීමට” මෙන්ම “විශාල ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කරමින් අතිශය ප්‍රචණ්ඩකාරී ලෙස සටන් කිරීමට” ඉඩ සලසන ක්‍රීඩාවකි.
“මේ ඛේදවාචකයට බලපෑ හැකි අන්තර්ජාලය හරහා සිදුවන බලපෑම් අපට නොසලකා හැරිය නොහැකියි,” යනුවෙන් එරට සයිබර් ආරක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
පිලිපීන සයිබර් අපරාධ විමර්ශන සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ උපලේකම් අබෝයි පැරයිසෝ සඳහන් කළේ, මෙම ක්‍රීඩාව තාවකාලිකව තහනම් කිරීම මඟින්, සැකකරුවන්ගේ මෙම ක්‍රියාවට අදාළ ක්‍රීඩා වේදිකාවෙන් කිසියම් බලපෑමක් එල්ල වී තිබේද යන්න පිළිබඳව පුළුල් ඇගයීමක් කිරීමට බලධාරීන්ට අවස්ථාව ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, වීඩියෝ ක්‍රීඩා සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම් අතර සෘජු සම්බන්ධයක් පවතින බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් මෙතෙක් තහවුරු කර නොමැත.
‘Gorebox’ යනු තනිව හෝ අන්තර්ජාලය ඔස්සේ තවත් පිරිසක් සමඟ එක්ව ක්‍රීඩා කළ හැකි (First-person shooter) ගණයේ වීඩියෝ ක්‍රීඩාවකි.
එහි ඇති අතිශය ප්‍රචණ්ඩකාරී, නිරුවත් හෝ අසභ්‍ය දර්ශන සහ සීමා රහිත ක්‍රීඩා රටාව හේතුවෙන් ජාත්‍යන්තර වයස් ශ්‍රේණිගත කිරීම් සන්ධානය (IARC) විසින් මෙය වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා පමණක් සුදුසු ක්‍රීඩාවක් ලෙස වර්ගීකරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart