
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසර කිහිපය තුළ සැළකිව යුතු ඉහළ මිලකට ඇතැම් ඖෂධ වර්ග මිලදීගෙන රජයේ මුදල් රුපියල් බිලියන 30 ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 30 දෙනකුගෙන් යුත් විමර්ශක කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තා වේ.
මම විමර්ශන කණ්ඩායමේ වාර්තාව මාස දෙකක කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.
මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පසුගියදා එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදු කරන ලෙස තමා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත.
වසර කිහිපයක් පුරා රුපියල් බිලියන 30 ක ඖෂධ මිලදී ගැනීම් එක් නිශ්චිත සැපයුම්කරුවකු හරහා පමණක් සිදුකර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කර ඇත.
අදාළ සැපයුම්කරු යාඩෙන් ඉන්ටර්නැෂනල් (Yaden International) නම් සමාගමක් බවට පසුගියදා පැවැති ජනමාධ්‍ය හමුවකදී පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කළේය.
ජාතික විගණන කාර්යාලය විසින් ආරම්භ කර ඇති විශේෂ විගණනය මාස දෙකකින් අවසන් කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමැතිවරයා තහවුරු කර ඇත.
“මෙම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස මම පෞද්ගලිකව විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියත් විගණකාධිපතිවරයා පැවසුවේ ඊට මාස දෙකක් ගත විය හැකි බවයි” යැයි රඹුක්වැල්ල ඇමැතිවරයා සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart