
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම හමුවේ, ඊට විකල්පයක් ලෙස නයිජීරියාවෙන් බොරතෙල් ආනයනය කිරීමේ හැකියාව පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැවතත් අවධානය යොමු කර ඇත.
මීට පෙර සංස්ථාව විසින් නයිජීරියාවෙන් බොරතෙල් සාම්පලයක් ගෙන්නා පරීක්ෂා කර ඇති අතර, එහිදී එම තෙල් සාම්පලයේ ජලය මිශ්‍ර වී ඇති බවට අනාවරණය වී තිබිණි.
කෙසේවෙතත්, එම පිරිවිතරයන් නැවත නිසි ලෙස පරීක්ෂා කිරීම සඳහා අලුත් තෙල් සාම්පලයක් ඉල්ලා සිටි බව සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේය.
ලෝක වෙළඳපොළේ ඉහළ යන ඉන්ධන මිල ශ්‍රී ලංකාවට මහත් අභියෝගයක් බව පෙන්වා දෙන සභාපතිවරයා, අඩු පිරිවැයකින් ඉන්ධන ලබාගත හැකි විකල්ප වෙළඳපොළවල් සොයා නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන බව පැවසීය.
නයිජීරියානු බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුව තුළ සාර්ථකව පිරිපහදු කළ හැකිද යන්න මෙහිදී ප්‍රධාන වශයෙන් පරීක්ෂාවට ලක්කිරීමට නියමිතය.
දැනට සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දේශීය ඉන්ධන වෙළඳපොළ අවශ්‍යතාවයෙන් 25%ත් 30%ත් අතර ප්‍රමාණයක් සපයනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart