
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු මැද පළාත් සභාවේ හිටපු මහඇමැති පේෂල ජයරත්න තමන්ට අනුමත කර තිබූ දීමනාවලට පරිබාහිරව රජයේ වාහන සහ ඉන්ධන භාවිත කර ඇති බව කොළඹ මහාධිකරණයේදී සාක්ෂි මඟින් අනාවරණය වී තිබේ.
මෙම කරුණු හෙළිවූයේ, හිටපු උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව විභාගයට ගැනීමේදීය.
නඩුවේදී සාක්ෂි ලබාදුන් උතුරු මැද පළාත් සභාවේ හිටපු විගණන අධිකාරි එච්.එන්.ඩී. හේරත් සඳහන් කළේ, එස්.එම්. රංජිත්ගේ මෙන්ම ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ගේ සහ හිටපු මහඇමැති පේෂල ජයරත්නගේ කටවචන මතද පළාත් සභාව සතු වාහන හා ඉන්ධන නීතිවිරෝධී ලෙස භාවිත කර ඇති බව විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.
එස්.එම්. රංජිත්ට නිල වශයෙන් වාහන දෙකක් සහ ආරක්ෂක රථයක් හිමිව තිබියදී වාහන හයක් භාවිත කර ඇති බව විගණන ලේඛන සහ පළාත් සභා වාර්තා මඟින් තහවුරු වන බවද සාක්ෂිකරු අධිකරණයට දැනුම්දුන්නේය.
මේ අතර, නඩුවේ තවත් සාක්ෂිකරුවකු ලෙස පෙනීසිටි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන නිලධාරි බුද්ධික අනෝජ් වීරසිංහ, වාහන භාවිතය පිළිබඳ වාර්තාව තමන් සහ හිටපු ගණකාධිකාරිනිය ජීවන්ති කුමාරි රාජකරුණා එක්ව සකස් කළ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
අල්ලස් කොමිසම විසින් එස්.එම්. රංජිත්ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ චෝදනා අනුව, 2012 සිට 2014 දක්වා කාලය තුළ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් 5.37 මිලියනයකට අධික වටිනාකමින් යුත් අමතර ඉන්ධන දීමනා ලබාගෙන රජයට පාඩු සිදුකිරීම සහ ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් පෙළඹවීම ඇතුළු චෝදනා අටක් එල්ල වී ඇත.
දැනට වෙනත් නඩුවකදී වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් විඳින එස්.එම්. රංජිත් දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, නඩුවේ මීළඟ විභාගය සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතය.
(මුලාශ්‍රය – දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart