
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරු හි හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වැරදිකරු වී තිබේ.
ඒ අනුව ඔහුට වසර 15 ක සිරදඬුවම් නියම කර ඇත.
2006 සහ 2011 මැතිවරණ ව්‍යාපාරවලදී බැංකුගත කිරීම සඳහා හුමාලා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමක් වන Odebrecht වෙතින් නීතිවිරෝධී අරමුදල් ලබාගෙන ඇති බව ලීමා අගනුවර අධිකරණයක් තීන්දු කර තිබේ.
හුමාලා සමඟ ජාතිකවාදී පක්ෂය ආරම්භ කළ ඔහුගේ බිරිඳ නදීන් හෙරෙඩියා ද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරු වූ අතර ඇයට ද වසර 15 ක සිරදඬුවමක් නියම විය.
හෙරෙඩියාට බ්‍රසීලය විසින් සරණාගතභාවය ලබා දී ඇති අතර, ඇයගේ පුත්‍රයා සමඟ එහි යෑමට ආරක්ෂිත මාර්ගයක් ඇති බව පේරු විදේශ අමාත්‍යාංශය පවසයි.
හුමාලාට වසර 20 ක සිරදඬුවමක් සහ හෙරෙඩියාට වසර 26 හමාරක් සිරදඬුවම් නියම කරන ලෙස අභිචෝදකයන් ඉල්ලා තිබිණි.
වසර තුනකට වැඩි කාලයක් පැවැති නඩු විභාගයකින් පසු, අධිකරණය විසින් මෙම දීර්ඝ කාලයක් බලා සිටි තීන්දුව අඟහරුවාදා ලබා දී තිබේ.
හුමාලා තීන්දුවට පෞද්ගලිකව සහභාගී වූ අතර ඔහුගේ බිරිඳ වීඩියෝ සබැඳිය හරහා එය අසා සිටියේය.
කෙසේවෙතත් 62 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart