December 21, 2025

තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකට ලක්ව වයස අවුරුදු 73ක පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

දෙසැම්බර් 20 වැනි දින උදෑසන ගුරුදෙණිය ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර, එහිදී පුද්ගලයන් සිව්දෙනෙකු බඹර රංචුවක් විසින් පහර දී ඇත.

සිව්දෙනාම තුවාල ලබා තලාතුඔය රෝහලට ඇතුළත් කර ඇත.

පසුව එක් අයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු මිය ගියේය.

මියගිය පුද්ගලයා ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ දේහය මහනුවර ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. තලාතුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.