
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාස හයක කාලයක් සදහා මෙගාවොට් 100 ක විදුලිය හදිසි පදනම මත මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අද අනුමැතිය ලබාදී තිබේ.
2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතේ මෙම අනුමැතිය ලබා දී ඇත.
ප්‍රධාන කොන්දේසි 03ක් යටතේ 2023 අගෝස්තු මස 18 වැනි දින සිට මාස 6ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදීගැනීම සදහා අනුමැතිය ලබාදී තිබේ.
කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදුකළ යුතු අතර, විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදී ගැනීම පිළිබද ස්වාධීන විගණනයක් සිදුකළ යුතු වීම එහි එක් කොන්දේසියකි.
කොත්මලේ පොල්පිටිය කිලෝවොට් 220ක රැහැන 2024 අගෝස්තු 31ට පෙර සක්‍රීය කළ යුතු අතර අවම පිරිවැය මත පදනම්ව මෙම විදුලිය මිලදී ගැනීම සිදු කළයුතු බවද අදාළ කොන්දේසිවල සඳහන් වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart