
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඡන්ද 1000ක්වත් ලබාගැනීමට නොහැකි අය ජනපතිවරණයට ඉදිරිපත් වීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද? යන්න ප්‍රශ්නයක් බවත් මේ නිසා ඡන්ද විමසීමට අමතරව වැයකරන්නට සිදුවන මුදල කෝටි ගණනක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.
මේ නිසා ඡන්ද පත්‍රිකාව අනවශ්‍ය ලෙස විශාල වීමෙන් මුද්‍රණ වියදම් ඉහළ යෑමට අමතරව තමන් කැමැති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමේදී ජනතාව ද අසීරුතාවට පත්වනු ඇති බව ද මල්වතු පාර්ශ්වයේ අනුනායක නාහිමියෝ පවසති.
ඇතැම් අප්‍රසිද්ධ පුද්ගලයන් නම ප්‍රසිද්ධ කර ගැනීමට ඇති කෑදරකම නිසා ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් ඉදිරියේදී තවත් අය ඇප මුදල් තැන්පත් කිරීමෙන් ඡන්ද පත්‍රිකාව තවත් දිගුවීමට ඉඩ තිබෙන බවත් අනුනාමියෝ පැවසූහ.
මහපතරංග ජාතකය මෙන් ඡන්ද පත්‍රිකාව දිගු වීම නිසා රජයේ මුදල් මෙන්ම නිලධාරීන්ගේ කාලය, ශ්‍රමය අමතරව වැය කිරීමට සිදු බව ද උන් වහන්සේ කීහ.
ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි හිමිනමක් ඒ සඳහා මුදල් ගෙන ඒමට අමතක වූ බව පවසා ආපසු හැරී ගොස් නැවත වෙනත් දිනයක පැමිණි බවත්, ජනපති ධුරයට පත්වීමේ අපේක්ෂාවෙන් වැඩ කරන අයගේ මොළය වැඩ කරන්නේ මෙසේ නම් එය විශාල ගැටලුවක් බවත් විමලධම්ම නාහිමියෝ ප්‍රකාශ කළහ.
උගත්, බුද්ධිමත් දේශපාලනය ගැන කිසිදු අවබෝධයක් නැති අය ජනපති ධුරය සඳහා ඉදිරිපත් වීම විශාල ගැටලුවක් බවත් මේ නිසා නියම සුදුස්සා තෝරා ගැනීමට යෑමේදී ඡන්දදායකයා ද අපහසුතාවට පත්වීමට ඉඩක් තිබෙන බවත් උන් වහන්සේ පැවසූහ.
ඡන්දදායකයන් ඇතැම් අපේක්ෂකයන් වටා තවලම පසුපස යන ගොනුන් සේ ගමන් කරන බවත් එසේ නැතිව රට භාර දීමට නියම සුදුස්සා කවුද යන්න තෝරාගැනීමේ වගකීම ජනතාවට තිබෙන බවත් අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.
“දූෂණය නවතමු, මව්බිම ගොඩනඟමු” සන්ධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා යන අය ඊයේ (08) මල්වතු මහා විහාරයට ගොස් උන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදී උන් වහන්සේ ඒ බව සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart