October 3, 2024

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සැප්තැම්බර් 25 වැනි දින නිකුත්කර ඇති එම ගැසට් නිවේදනය අනුව මෙම තීරණය ක්‍රියාත්මක වන්නේ 2024-9-11 සිට බලපැවැත්වෙන පරිදිය.

ඒ අනුව, මහ බැංකු අධිපති ලෙස පත් කර ඇති පුද්ගලයකු වෙත ගෙවනු ලබන විශ්‍රාම වැටුප් ගෙවීම් 2024.09.11 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලබන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර දක්වා ඇති කිසිදු විශ්‍රාම වැටුප් හිමිකපෑමක් සළකා නොබැලිය යුතු බව ද සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාම යෝජනා ක්‍රමයට අනුව 1998.01.01 දින හෝ ඉන් පසු ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කරනු ලබන පුද්ගලයකුට 2015.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් සියයට 74ට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසළකා ලබා ගැනීමට හිමිකමක් තිබිණි.

 

 

42.31%
17.27%
32.76%