
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය විසින් මෑතකදී බලාත්මක කරන ලද “ජාතික එකමුතුතා නීතියට” (Ethnic Unity Law) ජාත්‍යන්තර ප්‍රජාවේ විරෝධය එල්ල කරන ලෙස ඉල්ලමින් ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පිහිටි චීන මහා කොන්සල් කාර්යාලය ඉදිරිපිටදී සාමකාමී පාගමනක් සහ විරෝධතාවක් පවත්වා තිබේ.
ස්විට්සර්ලන්තයේ සහ ලිච්ටෙන්ස්ටයින්හි ටිබෙට් ප්‍රජාව, යුරෝපයේ ටිබෙට් තරුණ සංගමය, ස්විට්සර්ලන්ත ටිබෙට් මිත්‍රත්ව සංගමය, ලෝක උයිගුර් කොංග්‍රසය, ස්විස් ටිබෙට් කාන්තා සංගමය සහ ‘The Church of Almighty God’ යන සංවිධාන ඒකාබද්ධව වර්ඩ්මුලෙප්ලැට්ස් සිට මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.
දලයි ලාමා තුමන්ගේ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය නියෝජිත තින්ලේ චුක්කි සහ රිකොන් විහාරස්ථානයේ පූජ්‍ය කෙම්පෝ ටෙන්සින් ජැංචුප් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවයේ සමාරම්භක උත්සවය පැවැත්විණි.
එහිදී ටිබෙටය සඳහා වන ස්විස් පාර්ලිමේන්තු කණ්ඩායම නිකුත් කළ නිවේදනයක් GSTF හි සභාපති තෝමස් බුච්ලි විසින් සභාවට ඉදිරිපත් කළ අතර, යුරෝපයේ ටිබෙට් තරුණ සංගමයේ ප්‍රකාශක පෙමා දක්යෙල් විසින් නව ජාතික නීතියට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශය කියවන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ලෝක උයිගුර් කොංග්‍රසය සහ ස්විස් ටිබෙට් කාන්තා සංගමය ඇතුළු අනෙකුත් සංවිධානවල නියෝජිතයන් පෙන්වා දුන්නේ චීනයේ මෙම නව නීතිය ටිබෙට්, උයිගුර් සහ අනෙකුත් සුළුතර ජනවාර්ගිකයන්ගේ සංස්කෘතික, භාෂාමය සහ ආගමික අනන්‍යතාවයට දැඩි තර්ජනයක් එල්ල කරන බවයි.
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පවා මෙම නීතිය අවලංගු කරන ලෙස ඉල්ලා තිබෙනවා. මොකද මේ නීති සම්පාදනය කරලා තියෙන්නේ ජාතීන් අතර එකමුතුකම ඇති කරන්න නෙවෙයි. ඒ වෙනුවට ටිබෙට්, උයිගුර් ඇතුළු සුළුතර ජන කොටස් සම්පූර්ණයෙන්ම අතුගා දමා, ඔවුන්ව බලහත්කාරයෙන් චීන සංස්කෘතියට නතු කර ගැනීමටයි. ටිබෙටයට නිදහස සහ දලයි ලාමා තුමන්ට නැවත මව්බිමට පැමිණීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් ටිබෙටය තුළදී සිරුරට ගිනි තබාගෙන ජීවිත පූජා කළ 157කට අධික ටිබෙට් වැසියන් වෙනුවෙන් මම අද මෙතැන පෙනී සිටිනවා. මෙම අසාධාරණ නීතිය ප්‍රතික්ෂේප කරන ලෙස ලොව පුරා රාජ්‍ය නොවන සංවිධාන කරන ඉල්ලීමට මම ද සහයෝගය පළ කරනවා.” දලයි ලාමා තුමන්ගේ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය නියෝජිත තින්ලේ චුක්කි පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart