
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයර්ලන්තයේ තරුණ සාහිත්‍යධරයකු වන පෝල් ලින්ච් මෙවර බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
සාහිත්‍ය නිර්මාණ වෙනුවෙන් පිරිනැමෙන ලොව ඉහළම සම්මානය වන බුකර් සම්මානය මේ වසරේදී පෝල් ලින්ච්ට හිමිවූයේ ඔහුගේ Prophet Song කෘතිය සඳහා ය.
සිරියාවේ යුද්ධය සහ සරණාගතයන්ගේ අර්බුදය සිය කෘතිය සඳහා උත්තේජනයක් සැපයු බව බුකර් සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසු පෝල් ලින්ච් ප්‍රකාශ කළේය.
Prophet Song සිය පස්වැනි සාහිත්‍ය කෘතිය බවත්, එය ලියා අවසන් කිරීමට වසර 04කට වඩා ගත වූ බවත් පෝල් ලින්ච් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
“මා මේ කෘතිය ලිවීම ආරම්භ කළේ මගේ පුතා ඉපදීමට මාස කිහිපයකටත් පෙරයි. ඒත් කෘතිය ලියා අවසන් කරන විට පුතා සිටියේ සෙල්ලම් පාපැදියක් පැදීමට තරම් හැකියාව ඇති වයස් මට්ටමකයි.’ පෝල් ලින්ච් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart