July 4, 2026

ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරු පැතුම් නිස්සංක ලන්ඩන් නුවරදී සාර්ථක මැණික් කටුව පිළිබඳ සැත්කමකට මුහුණදුන් බව ඔහුගේ කළමනාකරු අසංක විජේවර්ධන තහවුරු කරයි.

ලන්ඩනයේ පිහිටි සරුම් රෝඩ් රෝහලේදී මෙම සැත්කම සිදුකර ඇති අතර එය සාර්ථකව අවසන් වී තිබේ.

සැත්කමෙන් පසු සුවය ලැබීම සඳහා පැතුම් නිස්සංකට සති හතරත් හයත් අතර කාලයක් ක්‍රිකට් පිටියෙන් විවේක ගැනීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ හේතුවෙන් ඔහුට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අහිමි වී යන නමුත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු පූර්ණ ශාරීරික යෝග්‍යතාවය ලබා ගනු ඇතැයි විශ්වාස කෙරේ.

පැතුම් නිස්සංකගේ මෙම ප්‍රතිකාර සහ සුවය ලැබීමේ ක්‍රියාවලිය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය දමින්ද අත්තනායක ද ඔහු සමඟ ලන්ඩන් නුවර රැඳීසිටියි.

(Newswire.lk)