
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදාවෙන් විපතට පත් ජනතාවට බත් පාර්සල් බෙදා දීමේ දී ඒවායෙහි තම නම, තනතුර සහ ජංගම දුරකථන අංකය මුද්‍රණය කර ලබාදුන් කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ එම ක්‍රියා කලාපය සමගි ජන බලවේගයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
සමගි ජන බලවේගය නියෝජනයකරන මෙම මන්ත්‍රීවරියට තවදුරටත් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේදී ඒවායෙහි එලෙස ලේබල් ඇලවීමෙන් වැළකී සිටින ලෙස පක්ෂ මූලස්ථානය ඇයට දැනුම් දී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සමගි ජන බලවේගය නියෝජනය කරන කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන ඇය පසුගිය දිනවල විපතට පත් ජනතාව වෙනුවෙන් බෙදා දෙන ලද කෑම පාර්සල් වල ඇයගේ අනන්‍යතාවය සහ දුරකථන අංකය මුද්‍රණය කරමින් ඒවා බෙදා හැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද දැඩි කතා බහට ලක්ව තිබිණි.
මන්ත්‍රීවරියගේ මෙම ක්‍රියා කලාපය සමගි ජන බලවේගය පක්ෂයේ නායකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙන අතර මින් ඉදිරියට එලෙස කටයුතු කිරීමෙන් වළකින ලෙස එම පක්ෂය ඇයට අවවාද කර ඇති බව වාර්තාවේ.(Newshub.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart